සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුක්ත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර පසුගිය 10 වනදා පැවැති පළමු තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 28ක ජයක් ලබාගැනීමට සමත් වූවා.
එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු කඩුලු 5ක් දැවී ලකුණු 163ක ලබාගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු හයක් පමණක් දැවී ලකුණු 135ක් පමණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූවා.
මේ අතර අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයට කුසල් ජනිත් පෙරේරාට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බවට වාර්තා වනවා.
ඒ ඊයේ පස්වරුවේ කුසල් ජනිත් මුහුණ දුන් ශාරීරික පරීක්ෂණයෙන් සමත්වීමත් සමගයි.
ආබාධයකට ලක්වීම සහ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් කුසල් ජනිත් පසුගිය ජුලි මස නිමාවූ එංගලන්ත සංචාරයෙන් අනතුරුව කිසිදු තරගයකට සහභාගි වී නැහැ.
Hits: 1