වෛද්‍ය පීඨ සිසුවියකගේ මළ සිරුරක් නිවසින් හමුවෙයි

මාධව කුලසූරිය - වවුනියාව

0 24

යාපනය, චුන්නාකම්, කන්දරෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක තිබි යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලද සිසුවියකගේ මළ සිරුරක් ඊයේ(11) සොයාගත් බව යාපනය චුන්නාකම් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යාපනය, කන්දරොඩ්ඩෙයි ප්‍රදේශයේ ස්ථිර පදිංචි, යාපනය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලද චාරුකා තිරුලිංගම් නමැති 23 හැවිරිදි වෛද්‍ය සිසුවියකගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.

ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වන අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවද පොලිසිය කියා සිටියා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති අතර, දැරියගේ මරණයට හේතුව සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 1

You might also like
Comments
Loading...