නිරෝධායන නීති කඩකරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළව ගතවූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 669ක් සහ වාහන 38ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සංචරණ සීමා පැනවීම ආරම්භයේ සිට මේ දක්වා අදාළ නීති උල්ලංඝණයට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 69957ක්.
මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක පොලිස් මාර්ග බාධක ස්ථාපිත කර තිබෙනවා.
නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ දී මාර්ග බාධකයක් ක්‍රියාත්මක වුණා.
එහිදී පුද්ගලයන් ගණනාවක්ම අත්අඩංගුවට ගැනීමට සිදු වූ බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්ප කුමාර මහතා සඳහන් කළා.
පවත්නා අවදානම් තත්ත්වය පිළිබඳව ඔවුනට කරුණු පැහැදිලි කර දී පොලිසිය තොරතුරු සටහන් කර ගැනීමෙන් පසුව අවවාද කර ඔවුන් මුදා හැරීමට කටයුතු කෙරුණා.
Hits: 0