උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතාටද කොවිඩ් ආසාදිතව ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ ශිවාජිලිංගම් මහතාට හටගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් හෙතෙම පි.සි.ආර් පරීක්ෂාවන්ට ලක් කිරීමේදී කොවිඩ් ආසාදිත බවට තහවුරුවූ බවයි.
කොවිඩ් ආසාදිත බවට හදුනාගත් ශිවාජිලිංගම් මහතා යාපනය කෝපායි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියා සිටියා.
ශිවාජිලිංගම් මහතාගේ ආශ්‍රිතයින්ද නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළා.
සිදුවීම සම්බන්ධයෙන් ශිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසූවේ තමාගේ තත්වය බරපතල නොවන අතර, තමන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
Hits: 2