ඔක්තෝබර් මාසයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් මෙරටට ලැබීමට නියමිත අතර එම එන්නත් පාසල් දරුවන් වෙනුවෙන් වෙන් කරන බව ඖෂධ නියාමන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර තිබෙනවා.
පාසල් දරුවන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා එන්නත්කරණය විශේෂඥ වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත එළැඹෙන සතියේ සිට ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටු සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවට පසුගිය 12 වනදා එක් වෙමිනි.
පොදු ප්‍රවාහනය භාවිත නොකරන සහ සිසුන් සියයට වඩා අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා උපදෙස් දුන් බවත් ඒ අනුව කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඊට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පවසනවා.
ඒ සඳහා මේ වන විටත් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට එන්නත් කර ඇති බවත් එන්නත් ලබා නොගත් අය සිටී නම් කඩිනමින් ඒ සඳහා යොමු වන ලෙසත් ඇමැතිවරයා ඉල්ලීමක් කළා.
Hits: 1