කටුනායක ගුවන්තොටුපළට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමට නියමිතව ඇති බවට එම ගුවන්තොටුපළ වෙත ලැබුණු ඊමේල් පණිවිඩයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්ය බුද්ධි තොරතුරු ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම ඊමේල් පණිවිඩය බංග්ලාදේශයේ විශ්රාමික හමුදා නිලධාරියකුගේ ඊමේල් ලිපිනයක් ඔස්සේ ලැබී ඇති බව මෙතෙක් කළ විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.
විමර්ශන කණ්ඩායම් පවසන්නේ මෙම විශ්රාමික හමුදා නිලධාරියාගේ ඊමේල් ලිපිනය හැක් කර කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් හෝ පුද්ගලයකු විසින් මෙම ඊමේල් පණිවිඩය කටුනායක ගුවන්තොටුපළ වෙත එවන්නට ඇති බවයි.
මීට දින තුනකට උඩදී මෙම ඊමේල් පණිවිඩය ලැබී ඇති අතර එම පණිවිඩය ලැබීමෙන් පසු කටුනායක ගුවන්තොටුපළේ මෙන්ම මත්තල ගුවන්තොටුපළේද ආරක්ෂිත ක්රියාමාර්ග වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.
Hits: 2