දෙමළ පක්ෂ ජාතිවාදී චිත‍්‍රපට මවනවා 

0 51

එක් රාජ්‍ය ඇමැතිවරයකුගේ ක‍්‍රියා කලාපයක් දඩමීමා කරගෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය ජාතිවාදී චිත‍්‍රයක් ඊට මවන්න උත්සාහ කිරීම කනගාටුදායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අප රටට යෝජනාවක් ගෙනල්ලා කතාකරන වෙලාවක ඔවුනට පතොරොම් දෙන වැඩ නොවිය යුතු බව ද ෆොන්සේකා මහතා පවසනවා. 

මෙවැනි අයහපත් දේවල් කරන ඇමැතිරුන් ගැන රජය් ගන්න තීන්දු මොනවාද? එදා මෙම දේශපාලනඥයා බන්ධනාගාර තුළට යෑම ගැන කිසිවක් බන්ධනාගාර කොමසාරිස්වරයාට වාර්තා නොවීම ප‍්‍රශ්නයක් බව ද එවැනි අය රෙදි ඇඳගෙන රාජකාරි කරන්නේද යන්න ප‍්‍රශ්නයක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට ඊයේ(16) එක්වෙමිනි.

Hits: 0

You might also like
Comments
Loading...