වවුනියාව, ඕමන්ත, නොච්චිකුලම වැව ආසන්න ප්‍රදේශයේදී මියගිය අලි පැටියෙකුගේ මළ සිරුරක් ඊයේ(16) දහවල් සොයාගත් බව වවුනියාව වනජිවි කාර්යාලය පවසනවා.
වවුනියාව වනජිවි කාර්යාලය පැවසූවේ වයස අවුරුදු පහක් පමණ වයසැති, උස අඩි හයකට ආසන්න උසකින් යුතු අලි පැටියෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.
මියගිය වන අලියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම වනජිවි දෙපාර්තමේන්තු උතුරු පළාත් පශූ වෛද්‍ය බි.ගිරිදරන් මහතා විසින් අද(17) පැවැත්වීමට නියමිත බවද වනජිවි දෙපාර්තමේන්තු නිළධාරීන් කියා සිටියා.
අලි පැටියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මරණයට හේතුව අනාවරණය කරගැනීමට නියමිත බවද වනජිවි දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කළා.
ප්‍රදේශවාසීන් පැවසූවේ වන අලි ගම්වැදීම හේතුවෙන් ඕමන්ත ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Hits: 0