අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුලු සාමාජිකයන් 05 දෙනාගේ අත්සන් සහිතවයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
මේ අනුව ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවතත් දිවුරුම්දීමට නියමිතයි.
ජයන්ත කැටගොඩ මහතා පසුගියදා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසිම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණිනි.
Hits: 1