අමෙරිකානු ජනපතිගෙන් ලාංකික මහාචාර්යවරියකට ලද ඉහළම තනතුර

0 36

ලාංකික සම්භවයක් සහිත අශානි වීරරත්න මහත්මිය අමෙරිකානු ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස  අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් පත් කර තිබෙනවා.

ඇය මේ වනවිට සේවය කරමින් සිටින්නේ කොවිඩ් දත්ත සම්බන්ධයෙන් දැනට වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇති ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේයි.

1988 වසරේදී අමෙරිකාවට පැමිණ ඇති අශානි වීරරත්න මහත්මිය ප්‍රථමයෙන් මේරිලන්ඩ් හි ශාන්ත මේරි විද්‍යාලයේ ජීව විද්‍යාව හදාරා තිබෙනවා.

ක්ෂූද්‍රජීව විද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදුකර ඇති ඇය ලෝක ප්‍රකට අධ්‍යයන රැසකටද සිය දායකත්වය සපයා තිබෙනවා.

Hits: 1

You might also like
Comments
Loading...