නිරෝධායන ඇඳිරි නීතිය සහ නීති කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 76000 ඉක්මවයි

0 10

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරීම සහ නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 76,636 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඊයේ(21) උදෑසන 6 සිට අද(22) උදෑසන 6 දක්වා වූ පැය 24ක කාලය තුළ නිරෝධායනය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලය්න 491 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් රථ වාහන 55ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් සඳහන්.

මේ අතර වෙනත් සෙසු පළාත්වල සිට බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථානයන්හි ස්ථාපිත මාර්ග බාධක සංඛ්‍යාව 13ක්.

එහිදී ඊයේ(21) දිනයේදී පරීක්ෂාවට ලක් කෙරුණු වාහන අතරින් බස්නාහිර පළාතෙන් පිටවීමට පැමිනි වාහන සංඛ්‍යාව 742ක් බවත් එහිදී පුද්ගලයන් 1195 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මේ අතර එහිදී පරීක්ෂාවට ලක් කරන ලද බස්නාහිර පළාතට ඇතුළුවීමට පැමිණි වාහන සංඛ්‍යාව 739ක් බවත් පුද්ගලයන් සංඛ්‍යාව 1072ක් බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

අදාළ මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණ නියමිත අවසර නොමැතිවීම හේතුවෙන් ආපසු හරවා යවන ලද වාහන සංඛ්‍යාව 160ක් වන අතර පුද්ගලයන් සංඛ්‍යාව 324ක්.

You might also like
Comments
Loading...