ආනන්දසංගරීගේ පුත් ගැරී ආනන්දසංගරී තෙවැනිවරටත් කැනේඩියානු පාර්ලිමේන්තුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 7

ශ්‍රි ලාංකික සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තෙවැනි වතාවටත් කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

පසුගිය 20 වැනිදා පැවැත්වු කැනේඩියානු මැතිවරණයේදී ගැරී ආනන්දසංගරී මහතා ජයග්‍රාහණය කොට ඇති අතර, එරට පාලක පක්ෂය වන කම්කරු පක්ෂය නියෝජනය කරමින් ගැරී ආනන්දසංගරී මහතා මැතිවරණයට ඉදිරිපත්ව තිබුණා.

රූජ් පාර්ක් නමැති කොට්ඨාශය නියෝජනය කරමින් මීට පෙර අවස්ථා දෙකකදීද පාලක පක්ෂ නියෝජිත ලෙස හෙතෙම කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියා.

මෙරට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කළ ප්‍රභල දේශපාලකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතාගේ පුත්‍රයා වන ගැරී ආනන්දසංගරී මහතා, වයස අවුරුදු 13 දි කැනඩාවට සංක්‍රමණය වි තිබෙනවා.

You might also like
Comments
Loading...