ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කරනු ලබන ජේ.ජී.ආර්. කරුණාරත්න මහතා පත්කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවයි.
මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස එහි සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ දවුලගල මහත්මිය කටයුතු කළා.
මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියලු නිලධාරීන්ට පවරන රාජකාරි වගකීම් යන ආදිය කළමනාකාරිත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ හා අවශ්‍යතාවන්ට අනුව කලින් කලට වෙනස් වන බවයි.
Hits: 2