කේරළ ගංජා කිලෝග්රැම් 104 ක් සොයාගැනේ

මාධව කුලසූරිය - වවුනියාව

0 7

මන්නාරම, ඉලුප්පකඩවෙයි, කත්තාලම්පිට්ටි ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්රැම් 104 යි ග්රැම් 750 ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් පසුගිය 20 වැනිදා රාත්‍රියේ සොයාගෙන ඇති බව ඉලුප්පකඩවෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරක් මත උර හතරක අසුරා තිබු අදාළ කේරළ ගංජා තොගය කත්තාලම්පිට්ටි කලපු ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති බවයි.

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මෙරට බෙදාහැරීමට සුදානම් කර තිබූ කේරළ ගංජා තොගයක් එලෙස සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

සොයාගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වන බවද පොලිසිය සඳහන් කරනවා.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ මෙහෙයවන අතර, ඉලුප්පකඩවෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

You might also like
Comments
Loading...