පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් ගැන පරීක්ෂණයක් කරන්න – ජනපතිගෙන් නියෝග
ඇමති ඩලස් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියයි
පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් වී ඇති කරුණු පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර ඇතැයි අද (06) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඒ බව සඳහන් කළා.
“ජනාධිපතිතුමා අද පෙරවරුවේ ක්ෂණික තීන්දුවක් ගත්තා, පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව ගැන. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මසක් ඇතුළත මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුවී ඇති කාරණා ගැන වාර්තාවක් දෙන්න කියලා.”
ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් වී තිබෙනවා.
එම තොරතුරු අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමත් සඳහන් වී තිබුණි.
ඇය සහ ඔහුගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් එක්ව පිහිටවූ සමාගමක් හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිලදී ගෙන ඇති බව එම තොරතුරුවල සඳහන් වී තිබෙනවා.
Hits: 2