ඕමානය පැරදූ ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්

0 1

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර පැවැති නිල නොවන පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 19ක ජයක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(07) සමත් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත් වූවා.

නොදැවී පන්දුවට පහරදුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59කදී ලකුණු 83ක්ද ලබාගත්තේ හයේ පහර පහක් සහ හතරේ පහර තුනක්ද සමගින්.

එසේම නොදැවී පන්දුවට පහර දුන් නායක දසුන් ශානකද හයේ පහර පහක් සහ හතරේ පහර දෙකක් සමගින් පන්දු 24කදී ලකුණු 51ක් ලබාගැනීමට සමත් විය.

එහිදී දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී ගිය අතර ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි පැතුම් නිශ්ශංකට ලබාගත හැකි වූයේ ලකුණු 8ක් පමණයි.

බානුක රාජපක්ෂ ලකුණු 15කට දැවි ගියා.

පන්දු යැවීමේදී ඕමාන් කණ්ඩායම වෙනුවෙන් Fayyaz Butt කඩුලු දෙකක්ද Khawar Ali සහ Kaleemullah එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඕමාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු ලකුණු 143ක් ලබාගැනීමට සමත්විය.

එහිදී පන්දුවට පහර දුන් නෂීම් කුෂි ලකුණු 40කටත් මොහොමඩ් නදීම් ලකුණු 32කටත් අයාන් ඛාන් ලකුණු 23කටත් සන්දීප් ගවුඩ් ලකුණු 17ක් ලබාගැනීමට සමත් වූ අතර සෙසු ක්‍රීඩකයින් කිසිවෙක් ලකුණු 10 සීමාව පසුකර යාමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු හතරක්ද නුවන් ප්‍රදීප් සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

ඒ අනුව තරගයෙන් ලකුණු 19ක ජයක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර දෙරට අතර නිල නොවන දෙවන විස්සයි විස්ස තරගය හෙට(09) පැවැත්වීමට නියමිතයි.

 

You might also like
Comments
Loading...