40 වසරක් පැරණි මැදවච්චියේ කොහොඹ රක්ෂිතයට අත්ව ඇති ඉරණම

සජිත් ගයාන් උබේපාල - මැදවච්චය

0 77

මැදවච්චිය පිහිටි වසර අවුරුදු 40ක් පැරණි එකම කොහොඹ රක්ෂිතයත් මේ වන විට දැව ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයින් විසින් විනාශ කර ඇති බව ගම්වාසීන් පවසනවා.

මෙම කොහොඹ රක්ෂිතය මැදවච්චිය වල්පොල රක්ෂිතයට අයත් වන වගාවක් වන අතර කෝණකුඹුගොල්ලෑව, කටුවැව, දැඹුවැව යන ගම්මානයේ පිහිටා ඇත.

වර්ෂ ගණනාවක සිට මෙම රක්ෂිතයේ විටෙන් විට මෙවැනි සිදුවීම් සිදු ව ඇති අතර ගම්වාසීන්ගේ මැදිහත් වීමෙන් එය නවතා දමා ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මීට වසරකට පමණ පෙර සිට දේශපාලනික සහ මැදවච්චිය රාජ්‍ය සේවයේ යෙදී සිටින බලධාරින්ගේ සහයොගයත් සමඟ පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයෙකු විසින් මෙම කොහොඹ රක්ෂිතය විනාශ කිරීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා මැදවච්චියේ අදාල බලධාරින් ගම්මුන් විසින් දැනුවත් කළද බිහිරි අලින්ට වීනා වයන්නා මෙන් සිටින බවටත් ගම්වාසීන් චෝදනා කරනවා.

ඒ අනුව මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර සිදුවන දැවැන්ත වන විනාශ රාශීයක් මැදවච්චියේ මේ වන විට සිදු වෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.

මීට වසර 40කට පමණ පෙර එවක කටුවැව දැඹුවැව යන ගම්මානයේ රාජකාරි සිදු කළ පරිසර හිතවාදී ග්‍රාමනිලධාරිවරයෙකු විසින් මෙම කොහොඹ රක්ෂිතය අක්කර 100 පුරා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව හොදින් වැඩුනු කොහොඹ ගස් 17 මෙම වන රකුෂා විසින් මේ වන විට බිලිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊට එහා යාමට තිබූ මෙම වන විනාශය නවතාලීමට මෙරට බුද්ධි අංශයේ නිලධාරින් පිරිසක් පසුගියදා කටයුතු කළ බව ගම්වාසීන් පවසනවා.

ඒ පිළිබඳ අප මැදවච්චිය අඩවි වන නිලධාරි කාර්යාලයෙන් විමසීමක් කළා, එහිදී අදහස් දැක්වූ වල්පොල බීට්ටු නිලධාරි ප්‍රදීප් චන්ද්‍රකුමාර මහතා මෙලෙස කියා සිටියා.

ඔය සිදුවීම හේතුවෙන් මේ ප්‍රදේශය භාරව සිටි බීට්ටු නිලධාරි ස්ථාන මාරු කර තිබෙනවා. ගම්මුන්ගේ පැමිණිලි අනුව මේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරලා පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයෙකු සහ තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන හෙක්ටයාර 0.3 ක් එළි කිරීම සම්බන්ධව අපි නඩු පැවරුවා. ඒ අනුව මෙම පුද්ගලයාට මෙම රක්ෂිතයට ඇතුලත්වීම සහ එහි සංවර්ධන කිරීම් නවතා දැමීම සම්බන්ධව නියෝගයක් ලබා ගත්තා. මට මතක විදිහට රුපියල් 38000 ක දඩයකුත් ගැහුවා. මීට පෙරත් ඔහු මෙවැනිම වන විනාශයක් සිදු කර තිබුණා. මේ සම්බන්ධව තවදුරටත් පරික්ෂණ සිදු වෙමින් පවතිනවා.

ප්‍රාදේශිය ලේකම් එම් .සී මලවආරච්චි මහත්මියගෙන්ද මේ සම්බන්ධයෙන් අදහස් විමසා සිටියා.

ඔය සිදුවීම් පිළිබඳ මේ වන විට විමර්ශණ සිදු වෙනවා. මෙම ප්‍රදේශ මැදවච්චියය අඩවි වන කාර්යාලයට අයත් කොටසක්. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් භූමියට ආසන්නම කොටසක්. අපි මේ සිදුවීම්වලට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.

Hits: 3

You might also like
Comments
Loading...