නිවසක් ගිනි ගැනිමෙන් එකම පවුලේ පස් දෙනෙක්  මරුට

රංජිත් රාජපක්ෂ - හැටන්

0 44

තාවකාලිකව ඉදි කර තිබු නිවසක් ගිනි ගැනීමෙන් එකම පවුලේ පස් දෙනෙකු ඊයේ(07) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව ඇති බව රාගල පොලිසිය පවසනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ රාගල පොලිස් වසමට අයත් රාගල වත්ත මැද කොටසේ පදිංචි අවු 1 ,12 පසුවන දරුවන් දෙදෙනෙක්, එම දරුවන්ගේ මව, දරුවන්ගේ සියා සහ මිත්තණියයි.

ඊයේ (07) රාත්‍රි 10.30 ට පමණ ගිනි ගැනිම සිදුව ඇති බවත්, එම අවස්ථාවේ නිවස තුල සිටි පස් දෙනාම ගින්නෙන් පිලිස්සි ජිවිතක්ෂයට පත්ව ඇති බවත්  පොලිසිය පවසනවා.

මියගිය එක් හැවිරිදි දැරියගේ උපන්දින සාදයක් ඊයේ(07) රාත්‍රියේ පවත්වා ඇති අතර, ගින්නෙන් එම පවුලේ අවු 26 පමණ වයසැති තරුණයෙකු බිමත්ව නිවසින් පිටත සිටි නිසා ඔහුට අනතුරක් සිදුව නැහැ.

ගින්නෙන් ජිවිතක්ෂයට පත් අයගේ සිරුර මහෙස්ත්‍රාත් පරික්ෂණය පවත්වන තෙක් එම ස්ථානයේම තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වනු ලබනවා.

Hits: 4

You might also like
Comments
Loading...