UPDATE – ඕමානයට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

0 62

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු පහක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(09) සමත් වූවා.

ඒ ඕමාන් කණ්ඩායම කඩුලු අටක් දැවී පන්දුවාර විස්ස තුළදී ලබාගත් ලකුණු 159ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.3ක් අවසානයේ කඩුලු පහක් පමණක් දැවී ලකුණු 163ක් ලබාගැනීමත් සමගින්.

ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් දිනේෂ් චන්දිමාල් ලකුණු 18ක් ලබා සිටියදී මුළු ලකුණු සංඛ්‍යාව 25දී දැවී ගියා.

දෙවන කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 40ක්ව තිබියදී ලකුණු 5ක් ලබා සිටි චරිත් අසලංකයි.

මුළු ලකුණු සංඛ්‍යාව 87ක්ව තිබියදී පැතුම් නිශ්ශංක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත්වන විට ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 26ක්.

සිව්වන කඩුල්ල ලෙසින් අවිශ්ක ප්‍රනාන්දු පිටියෙන් ඉවත්වූයේ ලකුණු 33ක් සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 89ක් ලෙසින් සටහන් වූවා.

පස්වන කඩුල්ලද ලකුණු 89දීම දැවී ගියේ ලකුණු නොලබා සිටි නායක දසුන් ශානක උඩපන්දුවක් ලබාදෙමිනි.

කෙසේ වෙතත් නොදැවී පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ භානුක රාජපක්ෂ ලකුණු 35ක් පන්දු 21කදීත් චාමික කරුණාරත්න ලකුණු 35ක් පන්දු 26ක්දී ලබාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව සතු කර ගැනීමට සමත් වූවා.


ඕමානයට එරෙහිව ලකුණු 160ක් හඹා යාම ශ්‍රී ලංකාව අරඹයි [Oct 9, 2021 at 22:16]

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමන් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු අකට ලකුණු 159ක් ලබාගැනීමට සමත් වූවා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනු ලැබුවා.

ඒ අනුව පිටියට පිවිසි ඕමාන් කණ්ඩායම වෙනුවෙන් Aqib Ilyas ලකුණු 59ක් ලබාගත් අතර කාෂ්‍යප් ප්‍රජාපටි ලකුණු 22ක් ලබාගැනීමට සමත් වූවා.

අයාන් ඛාන්ට ලබාගත හැකි වූයේ ලකුණු 22ක් පමණයි.

සෙසු කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 20 සීමාව වෙත ළඟාවීමට හැකියාව ලැබුණේ නෑ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින්ද බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

මේ වන විට ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 3ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 29ක් ලබාගෙන සිටිනවා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 18ක් ලබා සිටියදී දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙන පැතුම් නිශ්ශංක ලකුණු 11ක් ලබාගෙන සිටින අතර චරිත් අසලංක මෙතෙක් ලකුණු ලබාගෙන නැහැ.
තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දු 106ක් තුළ ලකුණු 141ක් ලබාගත යුතු වනවා.

තරගය මේ වන විට ඕමාන්හි අල් අමෙරට් හිදී පැවැත්වෙනවා.

Hits: 1

You might also like
Comments
Loading...