ලාෆ් ගෑස් සමාගමද සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින්ද කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 393කින්ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2840ක් වන අතර කිලෝ පහක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1136ක්.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ලිට්‍රෝ ගෑස් සමාගමද සිය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දැමුවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් වන ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257කින්ද කිලෝ 5ක් වූ ගෑස් සිලින්ඩරයක් රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වූ ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින්ද ඉහළ දමා ති බෙනවා.
ඒ අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750ක් ලෙසින්ද කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1101ක් ලෙසින්ද කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 520ක් ලෙසින්ද ඉහළ දමා තිබෙනවා.
මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් අද(11) දිනයේදී ගැනීමට නියමිතයි.
Hits: 1