කඩු දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 1

කඩු දෙකක් සන්තකයෙ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ(10) අත්අඩංගුවට ගත් බව යාපනය කෝපායි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ඉනුවිල්, විවේකානන්ද වීදිය ප්‍රදේශයේ නිවසක කඩු පවතින බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කඩු දෙකක් සමඟ 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු කල්ලි සාමාජික ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයෙකුද යන්න සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

You might also like
Comments
Loading...