කිලිනොච්චිය, අලිමංකඩ ප්රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල නළයක ගැටීමෙන් ඊයේ(10) සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පලෙයි පොලිසි පවසනවා.
පොලිසිය පැවසූවේ පලෙයි ප්රදේශයේ සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් කැබ් රථයක් එලෙස මාර්ගයෙන් ඉවතට පැන, මාර්ගය ආසන්නයේ සවිකොට තිබු ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල නළයක ගැටී ඇති බවයි.
අනතුරින් කැබ් රථයේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Hits: 0