ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 530,000 ඉක්මවයි

0 41

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 530,421ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මේ වන විට ආසාදිතයන් 491,958 දෙනෙක් සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයන් 25,014 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 13,449ක්.

කොවිඩ් ප්‍රතිකාර එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් මෙරට පුද්ගලයන්ගේ සංඛ්‍යාව 14,754,334ක් බවත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව 12,657,989ක් බවත් වසංගත රෝග විද්‍යා එක්කය වැඩිදුරටත් පවසනවා.

You might also like
Comments
Loading...