දේශීය කිරි පිටි මිළ ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්රෑම් 01 ක් රුපියල් 225 කින් සහ ග්රෑම් 400 පැකට් එකක් රුපියල් 90 කින් ඉහළ දමන බවයි එහි සභාපති ලසන්ත වික්රමසිංහ මහතා කියා සිටියේ.
හයිලන්ඩ් කිරිපිටි කිලෝග්රෑම් 1 පැකට්ටුවක නව මිල රුපියල් 1,170 ක් වනු ඇති.
මිල වැඩි කිරීමත් සමග ග්රෑම් 400 පැකට්ටුවක නව මිල සටහන් වන්නේ, රුපියල් රුපියල් 470 ක් ලෙසින්.
Hits: 2