නෙළුම් අල සොයා වැවට ගිය දරුවන් දෙදෙනකු දියේ ගිලී මරුට

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 52

මොනරාගල දඹගල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් මඩුල්ල උඩුමුල්ල කහටපිටිය වැවේ දියේ ගිලීමෙන් පාසල් දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

අද දහවල් කාලයේ දී මෙම දරුවන් දෙදෙනා වැව වෙත ගොස් ඇති අතර එහිදී නෙළුම් අල ගැලවීමට දරුවන් විසින් උත්සාහ දරා ඇත.

එහිදී මඩ සහිත ප්‍රදේශයක දරුවන් සිරවී දියේ ගිලී ඇති අතර ඔවුන් බේරාගෙන මඩුල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කර ඇතත් ඒ වන විට දරුවන් දෙදෙනාම මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දඹගල්ල ප්‍රදේශයේම පදිංචි නවය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවන් දෙදෙදෙනකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන දඹගල්ල පොලිසිය විසින් සිදු කරයි.

You might also like
Comments
Loading...