පළාත් අතර බස් ධාවනය වෙන්නේ මෙහෙමයි

0 45

පළාත් අතර සංචරණ සීමා ලබන 21 වන දිනෙන් ඉවත් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවරගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

21වන දායින් පසුව ද සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණය කළහොත් විශේෂ අවසරයක් මත පළාත් අතර බස්රථ කිහිපයක් හෝ ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වනවිට මගීන්ගෙන් අධික මුදලක් අය කරමින් විවිධ පළාත්වල සිට බස්රථ නීතිවිරෝධීව ධාවනය වන බවට තොරතුරු ලැබී ඇති අතර එවැනි බස්රථ කිහිපයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවද දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Hits: 1

You might also like
Comments
Loading...