කොටගල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ කරන ලද පි.සි.ආර්. පරික්ෂාවකදි පෙර පාසල් හා දිවා සුරකුම් මධ්‍යස්ථන පාලිකාවන් 10 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසනවා.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ පෙර පාසල් පාලිකාවන් හා දිවා සුරකුම් මධ්‍යස්ථාන පාලිකාවන් පිරිසක් පි.සි.ආර්. පරික්ෂවන්ට ලක්කිරිමෙන් පසු මෙම ආසාදිතයන් 10 දෙනා ඊයේ(17) දින සවස හදුනා ගත් බවත්යි.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයෙන් සති තුනක පමණ කාලයකට පසුව මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස මෙම අය හමුවු බවත් මෙසේ හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරිය වැඩිදුරටත් පවසනවා.
මෙම තත්ත්වයන් මත මෙම ප්‍රදේශයේ කොවිඩ් නැවත පැතිර යාමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් වලක්වා ගැනිම සදහා සියලුම දෙනා නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවද එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
Hits: 2