අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000 ක් අද (18) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට මෙම එන්නත් තොගය රැගෙනවිත් ඇති බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු පවසන්නේ.
ශ්‍රී ලංකාව විසින් මිලදිගැනීම සඳහා ඇණවුම් කර ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50න් ලක්ෂ 10ක් මීට පෙර ලැබී තිබු අතර ඉතිරි එන්නත් ලක්ෂ හතළිහේ පළමු තොගය මෙලෙස අද දිනයේ ශ්‍රි ලංකාව ලැබුණු බව ඖෂධ නීතිගත සංස්ථාව පවසන්නේ.
Hits: 2