පොන්නි සම්බා කිලෝ එකක් සතොස මඟින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මෙරට වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යාම නිසා රජය විදේශ රටවලින් සහල් ගෙනැවිත් පාරිභෝගික ජනතාවට රුපියල් සීයකට අඩුවෙන් සහල් කිලෝ එකක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
ඒ යටතේ ඉකුත් සතියේ ඉන්දියාවේ සිට සහල් තොගයක් රැගත් නැවක් මෙරටට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
සහල් රැගත් අනෙක් නැව බොහෝදුරට අද(18) මෙරටට පැමිණීමට නියමිත බවත් ඉන්පසුව ලංකාව පුරාම පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලා ඔස්සේ සහල් කිලෝ එකක් රුපියල් අනූඅටට ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
Hits: 1