දවසකට ළමුන් 25 දෙනෙකුට කරන අපරාධය

0 82

දෛනිකව ළමුන් 25 දෙනෙකු විවිධ අපයෝජනයන්ට ලක්වන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ අපයෝජනයට ලක්වන ළමුන්ගෙන් 21 %ක් පමණ වයස අවුරුදු 05ට අඩු කුඩා ළමුන් බවයි.

බේරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම අදහස් පළ කළේය.

“මෙම වසරේ ජනවාරි මාසයේ 01 වනදා සිට ජුනි 30 වනදා වන විට දින 180යි මාස 6යි ළමා අපචාර සමබන්ධ පැමිණිලි 4743යි. එම පැමිණිලි ප්‍රමාණය 180 බෙදු විට මොකක්ද ලැබෙන උත්තරය දවසකට ළමා අපචාර 25කට වඩා සිදුවෙනවා. ඒ කියන්නේ පැයකට ළමා අපචාරයකට වඩා සිදුවනවා. මේ ළමා අපචාර චෝදනා සම්බන්ධ දරුවන් වයස් අනුව වෙන් කළහොත් 21%ක් අවුරුදු 5ට අඩු කිරිසප්පයෝ. 5යි 10යි අතරේ 17%ක්, 11යි 15යි අතර 38%ක්, 75ක් ඉන්නේ අවුරුදු 15ක් අඩු මතක තියාගන්න මේ අපචාරයට ලක්වූ අයගෙන් 13%කට වැඩිය ඉන්නේ පියා විත්තිකරු ඊළඟ විත්තිකරු ඉන්නේ අම්මා, පූජ්‍ය පක්ෂය.“

එම උත්සවයට එක්වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ දෛනිකව පුද්ගලයින් 06 දෙනෙකු පමණ මත්කුඩු සඳහා ඇබ්බැහි වන බවයි.

Hits: 2

You might also like
Comments
Loading...