වසර ගණනක් ජීවත්වුණත් ඉඩමට ඔප්පු තියා බලපත්‍රයක්වත් නෑ

ජයන්ත වීරසේකර  - වැල්ලවාය

0 96

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් කුඹුක්කන පාරවිල වත්ත ප්‍රදේශයේ වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ ජීවත් වන ජනතාවට ඔවුන් ජීවත් වන ඉඩම් වෙනුවෙන් මේ වන තෙක් කිසිදු ඔප්පුවක් හෝ බලපත්‍රයක් ලබා දී නොමැත.

ඊට අමතරව මෙම ගම්මානයේ ජීවත් වන ජනතාව වෙනුවෙන් සමෘද්ධි දීමනාව ඇතුළු රජය මගින් ලබා දෙන කිසිදු වරප්‍රසාදයක් ද හිමී වී නොමැති වීම කණගාටුවට කරුණකි.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව දමිළ ජනතාව ජීවත් වන අතර ඔවුන්ට කිසිදු ස්ථීර ආදයම් මාර්ගයක් ද නොමැත.

ඔවුන් දෛනික කුලී වැඩකර දිනක වැටුපක් සොයා සිය ජීවිකාව කරගෙන යන අතර ඔවුන් ට ජීවත් වීමට හරිහමන් නිවාස පවා නොමැති බව ජනතාව පවසති.

එක් නිවසක් තුල පවුල් තුනකට හතරකට ආසන්න ජනතාවක් ජීවත් වන අතර එම නිසා ඔවුන් දැඩි පීඩාවකට මෙන්ම සනීපාරක්ෂක ගැටලු රාශියකට ද මුහුණ දී ඇත.

විවිධ ආයතන මගින් ඔවුන්ගේ නිවාස සංවර්ධනය කිරීමට ඉදිරිපත් උවද මෙම පුද්ගලයන් හට පදිංචිය සහතික කිරීම සදහා ඔප්පුවක් බලපත්‍රයක් නොමැති නිසා එමා ආධාර මුදල් ද තමන් හට නොලැබෙන බව ජනතාව සදහන් කරයි.

අවස්ථා ගනනාවකදීම බලදාරින් දැනුවත් කලද තමන් හට කිසිදු පාර්ශ්වයක් විසින් කිසිදු විසදුමක් ලබා නොදුන් බව ජනතාව පවසති .

මෙම ගැටලු කඩිනමින් නිරාකරණය කර දෙන ප්‍රදේශයේ ජනතාව බලදාරින්ගෙන් ඉල්ලීමක් කර සිටී.

 

 

You might also like
Comments
Loading...