වයස 16 -17 දරුවන්ට අද සිට කොවිඩ් මර්දන එන්නත

0 70

වයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්වල සියලුම පාසල් ළමුන් හට අද (22) දින සිට එන්නත්කරණය අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඊයේ (21) ඔහු මේ බව කියා සිටියා.

එම එන්න්ත්කරණ වැඩපිළිවෙල යටතේ කුමන පන්ති ද, කුමන වයස් කාණ්ඩවල ළමුන්ට පළමුව එන්නත්කරණය කරන්නේද කුමන පාසල්වල ප්‍රථමයෙන් අරඹනවා ද යන්න විදුහල්පතිතුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන් සහ අදාළ ප්‍රදේශයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව කාලසටහනක් සකසමින් තීරණය කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවද, එන්නත්කරණය සඳහා කාලසීමාවක් දමා නොමැති අතර පාසල්වල මෙම එන්නත්කරණය සිදුවන බවද ඔහු පවසනවා.

කාල සීමාව සහ කැඳවාගත යුතු ළමුන් ප්‍රමාණය අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ විදුහල්පතිතුමන් විසින් සාකච්ඡා කර තීරණය කරනු ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.

වයස අවුරුදු 18ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා ෆයිසර් ඒන්න්ත ලබාදීම දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා.

You might also like
Comments
Loading...