පිහියක් ඉණේ ගසාගෙන මුහුණු ආවරණ නොපැළඳ බස් නැවතුමේ ආපන ශාලාවල බීම බෝතල් පොළොවේ ගසා බිඳ දමමින් අශෝභන අන්දමින් හැසිරුණ අයකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසිය ඊයේ (21) කටයුතු කර තිබෙනවා.
කුලියාපිටිය බස් නැවතුමේ බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටි අයෙකුට මගීන් හා ව්‍යාපාරිකයන් මුහුණු ආවරණය පළඳින්නැයි කළ දැනුම්දීමට තදබල ලෙස උරණවී අසල තේ කඩවල ඇති බීම බෝතල් බිඳදමමින් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව හා පසුව පිහියක් ඉණේ ගසාගෙන පැමිණ කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කිරීමට කිහිපවරක් තැත්කළ බව කියමින් එම ස්ථානයේ සිටි පිරිස කුලියාපිටිය පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට පත්විය.
Source : Divaina.lk
Hits: 3