වතුකරයේ වයින් ස්ටෝර්ස් තුළින් කොවිඩ් මතුවීමේ අවදානමක්

මනුර සුදත් සෙල්ලහේවා - හැටන්

0 57

උඩරට වතුකරය තුල පවත්වාගෙන යනු ලබන සමහර මත්පැන් හල්වලින් කොවිඩ් නැවත ව්‍යාප්තවිමේ අවදානමක් හටගෙන ඇති බව වතුකරයේ බොහෝ පිරිසක් පවසනවා.

හැටන්, මස්කෙළිය, බගවන්තලාව, දික්ඔය, නොර්වුඩ්, වැනි ප්‍රධාන නගරවල මෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවලද පවත්වා ගෙන යනු ලබන මත් පැන් හලවල් තුල (වයින් ස්ටෝර්ස්) අරක්කු බෝතල කඩා එම ස්ථානවල බිමට ලබාදීමෙන්  මෙම තත්වයන් උදාවි ඇති බවද ඔවුන් පවසති.

මෙම වයින් ස්ටෝස් තුල අරක්කු පානය කිරිම සදහා ලබාදීම තහනම් වුවද බොහෝ වයින් ස්ටෝස් තුල අරක්කු බෝතල කඩා එම ස්ථානයේ පානය කිරීමට ලබාදෙන බවත් එසේ ලබාදෙන විදුරු නිසි ලෙස සේදිමකින් තොරව එකම විදුරුවෙන් කිප දෙනකුම අරක්කු පානය කිරිමත් සමග මෙසේ කොවිඩ් වසංගතය නැවත ඉස්මතුවිමේ අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම වයින් ස්ටෝර්ස් තුල අරක්කු පානය කිරිමට ලබාදිම තහනම් වුවද එම තහනම නොතකා මෙවැනි සිද්දින් සිදු කලද එයට එරෙහිව අදාල නිලධාරින් පියවර නොගැනීමද ගැටලු සහගත තත්වයක් බවත් පවසන එම පිරිස් මෙම තත්ත්වයන් පිලිබඳ අදාල ඉහල නිලධාරින්ගේ අවදානය යොමු විය යුතු බවද වැඩිදුරටත් පවසනවා.

 

You might also like
Comments
Loading...