කොරෝනාවට එරෙහි බෙහෙත් කරල ගැන ඇමති ජයසුමනගේ අවධානය

0 51

කොවිඩ් 19ට එරෙහිව ඇමෙරිකාවේ ‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘Molnupiravir’ ඖෂධය මෙරටට ගෙන්වාගත යුතු ද යන්න පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා තිබෙනවා.

ඔහු වෙත ලිපියක් යොමුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මුඛයෙන් ලබාදෙන මෙම වෛරස් නාශක ඖෂධය මගින් කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරිම සහ මරණයට පත්වීම දළ වශයෙන් 50%කින් වළක්වන්නේ යැයි මර්ක් ඖෂධ සමාගම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

අදාල ඖෂධය රටවල් රැසක් විසින් නිර්දේශ කරමින් ඇණවුම් කර ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය කළමනාකරණය කිරීම සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳව කොරෝනා විද්වත් කමිටු මතය තමන් වෙත දන්වා එවන ලෙසත් රාජ්‍ය අමාත්‍වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, මෙම නව ඖෂධය ලබා ගැනීමේ අවශ්‍යතාවක් පවතී නම්, ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

‘මොනුපියර්වියර්’ වයිරස නාශක ඖෂධයක් වන අතර එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බව එය නිෂ්පාදනය කළ ‘මර්ක්’ සමාගම පෙන්වා දී තිබෙනවා.

සායනික පර්යේෂණවලදී ‘කොවිඩ් 19’ රෝගීන්ට දිනකට දෙවරක්, කරල් 4 ක් බැගින්, දින පහකට ‘මොල්නුපියවියර්’ ලබාදීම සිදු කළ බවත් අදාල සමාගම පවසනවා.

Hits: 2

You might also like
Comments
Loading...