EPF සාමාජික මුදල් ගැන හාම්පුතුන්ට දැනුම් දීමක්

0 51

සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF සාමාජික ගාස්තු ගෙවීමට හාම්පුතුන්ට මාස හයක සහන කාලයක් ලබා දී ඇති බව ත් එම කාල සීමාවේදී ගෙවීම් කටයුතු සිදු කළහොත් ඒ සඳහා අය කරනු ලබන අධිභාරය ඉවත් කිරීමට කටයුතු කරන බව ත් කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම සහන කාලසීමාව ලබා දී ඇති බවය.

ඒ අනුව, මැයි මාසයේ සාමාජික මුදල් දෙසැම්බර් 31ට පෙර ත්, අප්‍රේල් මාසයේ සාමාජික මුදල් නොවැම්බර් 30ට පෙර ත්, මාර්තු මාසයේ සාමාජික මුදල් ඔක්තෝබර් මස 31ට පෙර ත් ගෙවිය යුතු බව ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වූ කම්කරු කොමසාරිස්වරයා මෙසේ සඳහන් කළේය.

“මේ මාසේ ගෙවන්න ඕන අර්ථසාධක සාමාජික මුදල් ඊළඟ මාසේ 30ට හරි 3ට කලින් ගෙවන්න ඕන. එහෙම ගෙව්වේ නැත් නම් නොගෙවන කාලය වැඩි වෙන්න වැඩි වෙන්න අධිභාරය වැඩි වෙනවා. අධිභාරයක් අය කරනවා නොගෙවන කාලයට.”

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අදාළ කාල සීමාව තුළ අර්ථසාධක සාමාජික ගාස්තු ගෙවීමට නොහැකි වූවහොත් ඉල්ලීමක් කළ හැකි අතර එම ඉල්ලීම සලකා බලා කටයුතු කරන බවය.

You might also like
Comments
Loading...