ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යවා වීඩියෝ දර්ශන ගනිමින් සිටි බංග්ලාදේශ ජාතිකයකු දාළදා මාලිගාවේ පොලිස් ඒකකය විසින් 5 වනදා පෙරවරු 8.30ට පමණ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමන් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් චැනලයක් සඳහා අදාළ දර්ශන ගත් බව සැකකරු පොලිසියට පවසා ඇත.
ශ්‍රී දළදා මාලිගාවට අයත් අධිආරක්ෂිත කලාපය තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා භාවිත කිරීම සපුරා තහනම් බව පොලිසිය පවසනවා.
ඩ්‍රෝන කැමරාව සමඟ ජංගම දුරකතනයක්, කැමරාවක් සහ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉද්දමල්ගොඩ මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Hits: 2