පසුගිය මාස කීපයේදී ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු(1500) පිළිබඳව දිවයිනේ විවිධ ප්රදේශවලින් තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.
සපුගස්කන්ද ප්රදේශයේ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මේ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අතුරුදන්ව සිටින මෙම කාන්තාවන් අතර විවාහක අයද සිටින අතර ඇතැම් කාන්තාවන් හොර රහසේ විදේශගත වූවාදැයි පොලීසියට සැක මතුවී ඇත.
මෙම අතුරුදන් කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරීහු පවසති.
Hits: 2