ජනාධිපතිවරයා පත්කරන කොමිෂන් සභාවල නීතිමය තත්ත්වය පිළිබද සොයා බැලීම සදහා පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු ලෙස අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා පත්කර තිබෙනවා.
අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විදිවිධාන අනුව මේ වසරේ ජනවාරි මස 28 වනදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පිහිටවනු ලැබුවා.
එය සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් සමන්විතයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ප්‍රියන්ත සමරකෝන්, කේමා කුමුදුනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු ආර් එම් සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන් කොමිසමේ සාමාජිකයින් බවට පත්වුණා.
කෙසේ වෙතත් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා කොමිෂන් සභාවෙන් ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සදහායි බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා නව සාමාජිකයා ලෙස පත්කර ඇත්තේ.
Hits: 0