රසායනික පොහොර ඉල්ලා වතු කම්කරුවන් උද්ඝෝෂණයක

රංජිත් රාජපක්ෂ - හැටන්

0 47

තේ වගාවට රසායනික පොහොර ලබාදෙන ලෙස රජයට බල කරමින් නොර්වුඩ් ස්ටොක්හෝම් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත අද(11) නිරතව තිබෙනවා.

තේ වගාවට රසායනික පොහාර මාස කිහිපයක් තිස්සේ යෙදා නොමැති බවත්, පවත්නා තත්ත්වය මත තේ ඵලදාව අඩු නිසා වතු සමාගම විසින් නෙලන තේ දළු ප්‍රමාණයට පමණක් වැටුප් ගෙවිම හමුවේ ආර්ථික වශයෙන් තමන් ගැටළු රැසකට මැදි වි සිටින බවයි තේ වත්තේ වැඩ කරමින් සිට තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණි වතු කම්කරුවන් කියා සිටියේ.

තේ වගාවට රසායනික පොහොර සහ වල් නාශක යොදවා නොමැති විම හමුවේ තේ වතු යායේ විශාල වශයෙන් වල් පැළැටි බිහි වි ඇති බවත්, තේ වගාවේ ඵලදාව අඩුවීම හමුවේ තේ කර්මාන්තය කඩා වැටී තම රැකියාද අහිමිවීමේ අවදානමක් පවතින නිසා තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ වල් නාශක ලබාදෙන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් ඉල්ලා සිටියා.

You might also like
Comments
Loading...