ඉල් පුර පසළොස්වක පොහොය අදයි

0 33

ඉල්පුර පසළොස්වක පොහොය අදට(18) යෙදී තිබෙනවා.

බෞද්ධ සැදැහැවතුන්ට අතිශයින්ම වැදගත් පොහොය දිනයක් වන ඉල් පොහොය දිනයේදී වැදගත් සිදුවීම් රැසක් සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.

පසුවස් ප්‍රාවරණය කළ යුතු දිනය වන්නේත් චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය වන්නේද ඉල්පුර පසළොස්වක පොහොය දාය.

එසේම මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබීම සිදුව තිබෙන්නේද අදවන් ඉල් පුන් පොහෝදාකය.

බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භයට ගමන් ආරම්භ කර ඇත්තේද අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනයකදී බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

එසේම තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කර ඇත්තේද අද වැනි ඉල් පොහෝ දිනකදීය.

බුදුන් වහන්සේගේ අගසව් සැරියත් මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුව ඇත්තේද ඉල් පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

එසේම ලාංකිකයන් මහත් භක්තියෙන් වන්දනාමාන කරන්නා වූ ථූපාරාම චෛත්‍යයේ ඉදිකිරීමද සිදුව ඇත්තේ අද වැනි පොහෝ දිනකයි.

You might also like
Comments
Loading...