ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14072 දක්වා ඉහළට

0 60

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 14000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මෙරටින් කොවිඩ් 19 ආසාදිතයන් 554,459 දෙනෙක් වාර්තා වන අතර ඉන් 525,560 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

ආසාදිතයන් 14,827 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව අද(19) උදෑසන 6 පමණ වන විට 14,072ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන යටතේ මෙරට ජනගහනයෙන් පුද්ගලයන් 15,897,388 දෙනෙක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති ඇති අතර මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 13,690,775ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම පුද්ගලයන් 163,789 දෙනෙක් තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගෙන තිබෙනවා.

Hits: 3

You might also like
Comments
Loading...