කොළඹ, ක්රීඩා අමාත්යංශය අසල පිහිටි මැක්ඩොනලඩ්ස් අවන්හලේ අද(20) අලුයම 5.30ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ගින්න හේතුවෙන් අවන්හල පිහිටි ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි.
කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ හයක් යොදා ගනිමින් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.
ගින්නට හේතුව ගෑස් කාන්දුවීමක් හේතුවෙන් හටගත් පිපිරීමක් බවටයි වාර්තා වන්නේ.
පිපිරීමෙන් හෝ ගින්නෙන් කිසිදු පුද්ගල හානියක් සිදුව නොමැති අතර පිපිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Hits: 1