මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවට වාර්තා වනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.
කිලෝමීටර් 40 ක දිගින් යුතු මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මංතීරු 4කින් සමන්විත වනවා.
එය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත වන අතර මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.
පසුගිය 2017 වසරේදී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා.
Hits: 1