මන්නාරම මාන්තෙයි බටහිර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආට්කට්ටිවේලි මහවිරු සුසාණ භූමියක ඉදිකොට තිබූ ප්රධාන පහන්සිලුව ඊයේ (19) දින කඩා විනාශ කොට ඇති බවට ප්රදේශවාසීන් පවසනවා.
කිසියම් පිරිසක් විසින් වාර්ෂිකව පවත්වන මහවිරු සැමරුම් උත්සවයේදී පළමුව පහන් දල්වන ප්රධාන පහන් සිලුව මෙලෙස කිසියම් පිරිසක් විසින් පහර දී කඩා විනාශ කොට ඇති බවයි වාර්තා වන්නේ.
දමිළ මහවිරු සංවිධාන කමිටු සාමාජිකයින් විසින් මෙම ක්රියාව කිසියම් කඩාකප්පල්කාරී ක්රියාවක් හෙයින් දැඩිලෙස හෙලා දකින බවටද පවසා සිටිනවා.
එමෙන්ම මෙලෙස දෙමළ ජනතාවගේ සැමරුම් අයිතීන් විනාශ කරමින් දෙමළ ජනතාව පීඩාවන්ට පත්කරන පාර්ශ්වයන් වහාම සොයා ඔවුන්ට කඩිනමින් නීතිය ක්රියාත්මක කරන ලෙසටද මන්නාරම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
Hits: 0