වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදවෙයි

මාධව කුලසූරිය - වවුනියාව

0 23

දෙමළ ජාතික සන්ධානයට බලය හිමි වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවේ 2022 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය වැඩි ජන්ද 09 කින් ඊයේ(19) පරාජයට පත්වු බව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක බිමල් ධර්මදාස මහතා පවසනවා.

ප්‍රාදේශීය සභාවේ බලය හිමි දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් අයවැයට පක්ෂව ජන්ද 06 ක් ලැබුණු බවත් අයවැයට විරුද්ධව ජන්ද 15 ක් හිමි වු බවත් බිමල් ධර්මදාස මහතා වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභිකයින් 04 දෙනෙකු, සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂයේ සභිකයින් 03 දෙනෙකු, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සභිකයින් 03 දෙනෙකු,එක්සත් ජාතික පක්ෂ සභිකයින් දෙදෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් දෙදෙනෙකු, ස්වාධීන කණ්ඩායම් සභිකයෙකු අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කර තිබෙනවා.

අයවැය දෙවන වර කියවීම එළැඹෙන 22 වැනිදා පැවැත්වීමට නියමිත බවද ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සඳහන් කර සිටියේ.

 

Hits: 1

You might also like
Comments
Loading...