මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් උඩවලව, කොළඹගේආර ප්රදේශයේදී පොලිසිය විසින් ඊයේ(20) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ උඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනුණු බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹගේආර ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වයස අවුරුදු 44ක් වන පුද්ගලයෙකි.
සැකකරු අද(21) ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර උඩවලව පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා.
Hits: 1