මාතර වැලිගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළ පැවති සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 12 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
අදාල සාදය අන්තර්ජාලය ඔස්සේ සංවිධාන කර තිබු බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් සතුව තිබි කොකේන්, අයිස්, කේරල ගංජා, කෘෘස් හා හෑෂ් යන මත්ද්‍රව්‍ය වර්ග හමුවු බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කලේ.
ඔවුන් අම්පාර, තල්පෙ, මැදගම, මාතර, තණමල්විල, තිස්සමහාරාමය සහ ගෝනපීනුවෙල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 ත් 45 ත් අතර පිරිසක්.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් රැදවුම් නියෝග මත නොවැම්බර් 26 වනදා තෙක් සැකකරුවන් රදවාගෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Hits: 6