භූමිතෙල් සහිත සිරුර පිලිස්සීමෙන් බිරිඳ මරුට – සැමියා අත්අඩංගුවට

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 23

යාපනය පේදුරුතුඩු තික්කම් අල්වායි ප්‍රදේශයේදී අඹුසැමි ආරවුලක් දුරදිග යාමෙන් සිරුර ගිනිගැනීම හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කල කාන්තාවක් ඊයේ (21) දින මියගොස් ඇති බවට පේදුරුතුඩු පොලීසිය පවසනවා.

පසුගිය 13 වනදා රාත්‍රියේ මියගිය කාන්තාවගේ සැමියා දැඩි ලෙස බීමත්ව නිවසට පැමිණ කාන්තව සමග බහින්බස් වී කාන්තාවට පහර දී ඇති අතර එම අවස්ථාවේදී කාන්තව විසින් භූමිතෙල් සිය සිරුරට වත්කොට ගිනි තබාගන්නා බවත් තමන්ට කරදර නොකරන ලෙසටත් සැමියාට පවසා ඇත.

ඉන් අනතුරුව මද වේලාවකින් කාන්තාවගේ සිරුරට ගිනිගෙන කෑගැසීම හේතුවෙන් කාන්තාවගේ ගින්න නිවා දමා බරපතල පිලිසුම් තුවාල සහිතව පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කළ බවටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාව යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බවත් ප්‍රදේශවාසීන් කියා සිටියා.

පසුව සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදුකල පෙදුරුතුඩුව පොලීසිය විසින් කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර දෙදෙනා අතර වූ ආරවුලේදී සැමියා විසින් බිරිඳට ගිනිතබා ඇතැයි සැක පල කරන බවටද පොලීසිය පවසනවා.

බරපතල පිලිසුම් තුවාල සහිතව සතියකට ආසන්න කාලයක් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඊයේ(21) දින මියගොස් ඇති අතර මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි පරමනාදන් ශෂිකලා නැමති කාන්තාවක් බවට පරික්ෂණ සිදුකරන පේදුරුතුඩු පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

Hits: 2

You might also like
Comments
Loading...