හැටන් ආයුරේවේද බෙහෙත් ශාලාවේ සේවිකාවකට කොවිඩ්

මනුර සුදත් සෙල්ලහේවා - හැටන්

0 6

හැටන් ආයුර්වේද බොහෙත් ශාලාවේ සේවිකාවක් කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගැනීමත් සමග හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු කියා සිටියා.

මේ පිලිබඳව වැඩිදුරටත් කරුනු දැක්වූ එම නිලධාරියා කියා සිටියේ හැටන් දික්ඔය නගර සභාව මගින් පාලනය කරනු ලබන හැටන් නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ සේවිකාවක් කොවිඩ් ආසාදියකු බවට පත්විමත් සමග එම බෙහෙත් ශාලාව විෂබිජහරණය කිරීමට පියවර ගෙන ඇති බවයි.

අදාළ සේවිකාව කොවිඩ් ආසාදිතයකු බවට පත්වීමත් සමග එම සේවිකාවගේ නිවසේ අය ස්වයං නිරෝධානයට ලක්කිරීමට පියවර ගෙන ඇති බවත් එම සේවිකාව ඇසුරු කළ පිරිස් සොයා පරික්ෂා කර එම පිරිස්ද ඇන්ටිජන් පරික්ෂාවන්ට ලක්කිරීමට පියවර ගන්නා බවත් අදාළ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම මේවන විට මෙම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් තිදෙනාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති 10 දෙනකු ස්වයං නිරෝධානයට ලක්කිරීමට පියවර ගෙන ඇති බවයි එම නිලධාරියා තවදුරටත් පැවසුවේ.

Hits: 3

You might also like
Comments
Loading...